LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ගාලුමුවදෝර අරගලය තැනු සැබෑ මිනිසුන්

පසුගිය දින වල ගාලුමුවදෝර අරගලකරුවන් 08 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් විය .

අමල් සාලින්දව ලෝක වෙළද පොල ඉදිරිපිට දී විශේෂ කාර්ය බලකායේ පිරිසක් විසින් පැහැර ගන්නා ලදී .
ලහිරු විරසේකර , එරංග ගුණසේකර , ධම්මික මුණසිංහ , ජගත් මනුවර්ණ , ජෙහාන් අප්පුහාම් , රතිදු සේනාරත්න (රැට්ටා) සහා ගලේවැව සිරිධම්ම හිමි ඇතුළු පිරිස සොයා පොලිසිය ඔවුන් ගේ නිවෙස් සහා කාර්යාල වටලන බැවින් , ඔවුන් අවසානයේ මරදාන පොලිසියට භාර වීමට තිරණය කළහ .

පොලිසියට භාර විමට තිරණය කළේ ඔවුන් නිසා දෙමව්පියන්ට , බිරිඳැවරුන්ට සහා ඔවුන් ගේ දරුවන්ට එල්ල වු පොලිස් අඩත්තෙට්ටම් හමුවේය .

මම ඉහත තත්ත්වයන් මත පොලිසියට භාරවිමට ලහිරු ඇතුළු අරගලකරුවන් සහා ගාලුමුවදෝර එකාබද්ධ කමිටුව ගත් තින්දුව අපරිණිත මෙන්ම අදේශපාලන තින්දුවකි .

ධනපති පොලිසිය අධිකරණය සහා එහි අඩුපඩු කෙරෙහි ඇති ඇගැලුම්කම මෙන්ම දේශපාලන බංකොලෝත්කම ද පොලිසියට භාර විම හරහා එළිමහනට කාන්දු වි ඇත ..

ලහිරු ඇතුළු පිරිස අත්අඩංඟුවට ගැනීමට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කළ ප්‍රකාශය ද
භාරවිමට තවත් එක් හේතුවක් සැපයීය .

ලහිරු ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නැයි කොටුව මහෙස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර නැති අතර මහෙස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කළ බව ප්‍රකාශ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අධිකරණය හමුවේ පෙනි සිටින්නැයි නියෝග කර ඇත .

ලහිරු ඇතුළු අරගලකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණ මගින් නියෝගයක් නිකුත් කර ඇද්දැයි සොයා බැලිමේ වගකිම පැවැරෙන්නේ නීතිඥවරුන්ටය . නමුත් ඔවුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගේ ප්‍රකාශය මත පමණක් විශ්වාසය තැබිම නිසා අපි ඇණ්ඩුවේ උගුලකට අසු වුවාදැයි ලියුම්කරු තුල බරපතළ සැකයක් ඇත .

ජෙයෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙන්ම නීතිඥවරයෙකි .

තල්දුව කොටුව මහෙස්ත්‍රාත්වරයා ලහිරු ඇතුළු අරගලකරුවන්ට වරෙන්තුවක් නිකුත් කර ඇතැයි යන ප්‍රකාශය ඔහු විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ අහම්බෙන් නොවන බව ලියුම්කරු ගේ මතයයි . මන්ද එවැනි අසත්‍යයක් දනුවත්ව ප්‍රකාශ කිරීම උසාවියට අපහාස කිරීමකි.

පොලිසිය අත්අඩංගුවට ගැනීමට තැත් කළ අරගලකරුවන් ගාලුමුවදෝර පිටියේ සිට කොටුව පොලිසිය දක්වා පෙළපාලියෙන් රැගෙන ගියහ . කොටුව පොලිසිය අරගලකරුවන් භාර නොගෙන මරදාන පොලිසියට භාර වෙන්නැයි ස්ථානාධිපති පැවැසීමෙන් පසු අරගලකරුවන් මරදානට පා ගමනින් ගොස් බාර දුන්හ .

ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලහිරු ඇතුළු අරගලකරුවන්ට මේ මොහොතේ පොලිසියට භාර ව්ම හැර වෙනත් විකල්පයක් නැතැයි පවසයි. මේ මොහොතේ ගත හැකි හොදම විකල්ප ලෙසයි ඔවුන් භාරවිම දකිති .

මෙම සංසිද්ධිය කියවා ගැනිමේ දී ජ.වි .පෙ. සහා පෙසප දෘෂ්ටිවාදයේ අතර කිසිදු වෙනසක් නැත .

අරගලකරුවන් උසාවියට භාරවිමත් ඇප ප්‍රතික්ෂේප කිරීමත් කුමන්ත්‍රණය ලෙස දකින පිරිසකුත් ගෝඨා ගෝ ගම සිටිති . මේ අය තේ කොප්පෙත් කිඹුල්ලෝ දකින අය වෙති .

අරගලකරුවන් හත්දෙනා වෙනුවෙන් නීතිඥ සංගමයේ සහාපති ජනාධිපති සාලිය පිරිස් ඇතුළු නීතිඥ විසින් පෙනි සිටිහ .

ඇපකරුවන් හත්දෙනා ගෙන් හතර දෙනෙකුට ඇප ලැබිණ

පසුව එරංග ගුණසේකර, ධම්මික මුණසිංහ , ජගත් මනුවර්ණ සහා ජෙහාන් අප්පුහාමි යන අරගලකරුවන් ඇප නොලැබු අරගලකරුවන්ට ඇප ලැබෙන තෙක් එළියට නොයන්න දේශපාලන තින්දුවක් ගෙන තිබේ.

ඇප මත නිදහස් විම වෙනුවට සහෝදරවරු සමඟ රැදි සිටිමට ගත් දේශපාලන තින්දුව බොලඳ සහා අදේශපාලනික තින්දුවක් බව සමහරු පවසති .

ඇප ප්‍රතික්ෂේප කිරීම උසාවියට අපහාස කිරීමක් හා දේශපාලනිකව ගත් වැරැදි තිරණයක් බව ජ.වි.පෙ. සමාජවාදී තරුණ සංගමය පවසන අතර එවැනි තිරණ සමඟ වැඩ කරන්නට යැමෙන් ජ .වි පෙ. දේශපාලනය බරපතළ ලෙස අර්බුදයකට යන බවත් සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසයි .

අරගලකරුවන් ඇප ලබා තවදුරටත් රැදී සිටිමට , උසාවියට අපහාස කිරිමක් නොවෙයි. මන්ද සමහර රැඳවියන් ඇප ලබා ජිවිත ආරක්ෂාව සඳහා පිටව නොයති .

මෙම අරගලයේ දිශානතිය ධනපති ක්‍රමය පෙරලා දමා මහජන ආණ්ඩුවක් පිහිටුවිම නම් , ධනපති නීතිය හෝ ධනපති සංස්ථාපිතය රැකීම අරගලකරුවන් ගේ අස්ථානය නොවෙති . අරගලකරුවන් ගේ අස්ථානය විය යුත්තේ ධනපති නීතිය කැඩිම හා ධනපති සංස්ථාපිතය එරෙහිව මහජනයා විප්ලවයට කැඳවිමයි .

අප්‍රේල් 09 වෙනිදා අපෙන් ගිලිහුණේ එම අවස්ථාවයි .

ධනපති ක්‍රමය රැකිම ජ.වි.පෙ . උරුමය වී ඇත . ජ.වි .පෙ. ධනපති පක්ෂයක් බවට පරිවර්තනය වෙමින් ඇත .

අරගලකරුවන් ඇප ලබා ගෙන රැදිසිටිමට ගත් දේශපාලන තින්දුව කට්ටිවාදයට එරේහිව එල්ල කළ මරු පහරකි .

මීනිසුන් නිර්මානය කරන්නේ තත්ත්වයන් විසින් යන කියමන තහවුරු කරමින් ගාලුමුවදෝර අරගලය මගින් නව මිනිසුන් නිර්මාණය කොට ඇත .

2 thoughts on “ගාලුමුවදෝර අරගලය තැනු සැබෑ මිනිසුන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *